• Breaking News

    බංග්ලාදේශයට හතුරු ශ්‍රී ලංකාවට මිතුරු වේ

    ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි ක්‍රීඩා අමාත්‍ය  දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඔහුට ඒ සදහා මේ වන විටත් ආරාධනා කර ඇති බවයි ඔහු පැවසුවේ. බංග්ලාදේශය තවම ඔහුව නිදහස් කර නැතිවීම මෙම තනතුර ලබාදීම ප්‍රමාදවීමට හේතු වී ඇතැයි ඔහු පැවසුවා. කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි මේ බව කියා සිටියේ.
    දැන් ක්‍රිකට් ගොඩ නැංවීමට ආදරේ බව පෙන්වන ඇතැම් පුද්ගලයින් එදා හතුරුසිංහ මහතාව එලවා ගත් බවත් අමාත්‍යවරයා කියා සිටියා. බංග්ලාදේශය ඇමරිකා ඩොලර් 40 000 කට අධික මුදලක් ඔහුට වැටුප් ලෙස ගෙවන බවත් අමාත්‍යවරයා කියා සිටියා. රට වෙනුවෙන් ඉටු කළ යුතු සේවයක් ලෙස සලකා එවැනි ඉහළ වැටුපක් තමන්ට අවශ්‍ය නැතැයි ඔහු ශ්‍රී ලංකාවට දැනුම් දී තිබෙනවා. ජනවාරි මාසයේදී ඔහු ශ්‍රී ලංකාව භාර ගනු ඇතැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවා. ලබන වසරේ බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේදී චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති.


    No comments