රුමේෂ් රත්නායක මෙරට වේග පන්දු පුහුණුකරු වෙයි ? - Lanka Sports News

Breaking

Monday, August 7, 2017

රුමේෂ් රත්නායක මෙරට වේග පන්දු පුහුණුකරු වෙයි ?

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රුමේෂ් රත්නායක මහතාව මෙරට වේග පන්දු පුහුණුකරු ලෙස පත් කිරීමට ක්‍රිකට් ආයතනයට යෝජනා වී තිබෙනවා. මීට පෙර මෙරට වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළේ චම්පක රාමනායක මහතායි. ඔහු මෙරට වේග පන්දු පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වූ අතර මේ වන විට බංග්ලාදේශයේ වේග පන්දු පුහුණුකරු ලෙස සේවය කරනවා. ඔහුගේ ඉවත්වීමෙන් පසු මෙරට වේග පන්දු යවන්නන්ට උපදෙස් ලබාදුන්නේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස්. ඔහුට මෙරට වේග පන්දු පුහුණුකරු තනතුර ලබාදෙනු ඇතැයි බොහෝදෙනෙකු බලාපොරොත්තු වුණා. කෙසේ වෙතත් චමින්ද වාස් මෙරට වයස 19 න් පහළ වේග පන්දු යවන්නන් පුහුණුකිරීමේ වේග පන්දු පුහුණුකරු ලෙස පත්කිරීමටයි යෝජනා වී ඇතැයි වාර්ථා වනවා. මෙම යෝජනාවන් පිලිබද ඉදිරියේදී තීරණයක් ගනු ඇති.

No comments:

Post a Comment

Post Bottom Ad

Responsive Ads Here

Pages