ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත් මූණු 03 ක් දානවලු
සංචාරක ඉන්දියාව සමග හෙට ආරම්භවීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට නවක දග පන්දුයවන්නකු කැදවීමට තීරණය කර ඇතැයි මෙරට ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් පැවසුවා. ඒ නවක ක්‍රීඩක මාලින්ද පුෂ්පකුමාරයි. මෙතෙක් ඔහු ජාතික කණ්ඩායම නියෝජනය කර නැහැ. මේ අතර වසරක් ටෙස්ට් පිටියෙන් ඇත්ව සිටි ලහිරු තිරිමාන්න යලිත් ජාතික කණ්ඩායමට එක්ව පිතිකරණ අංශය ශක්තිමත් කරනු ඇතැයි ද නායක චන්දිමාල් පවසනවා. දනංජය ද සිල්වාත් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇතැයි නායකයා කියා සිටියා. කෙසේ වෙතත් මෙම වෙනස්කම් පිලිබද අවසන් තීරණය ගන්නේ හෙට උදෑසන තනතීරුව පරීක්ෂාකිරීමෙන් පවසුව බවත් ඔහු කියා සිටියා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙම තරගය හෙට පැවැත්වීමට නියමිතව ඇත්තේ කොළඹ එස් එස් සී ක්‍රිකට් ක්‍රීඩා පිටියේදීයි.
මාධ්‍ය හමුව නරඹන්න...
https://www.youtube.com/watch?v=y0PBS7RvDIU
මාධ්‍ය හමුව නරඹන්න...
https://www.youtube.com/watch?v=y0PBS7RvDIU
No comments