ඉතිහාස ගතවූ පරාජයක් ලැබීමට හේතුව රංගන පහදයි
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය ඉන්දියාවට හිමි වුණා. ඒ ලකුණු 304 කින්. සංචාරක ඉන්දියාව පළමු ඉනිමේදී ලකුණු 600ක් ලබා ගත්තා. දෙවෙනි ඉනිම සඳහා ලකුණු 240ක් රැස්කර ගැනීමටද ඉන්දියාව සමත් වුණා. ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී සියළු දෙනා දැවී ලකුණු 291 ලබා ගත්තද දෙවෙනි ඉනිමේදී සියළු දෙනා දැවී ලකුණු 245 ක් පමණයි රැස් කළේ. ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ ලැබූ දරුණුතම පරාජය මෙය බවයි වාර්තා අතරට එක්වන්නේ. මීට පෙර 1994දි පකිස්තානය හමුවේ ලකුණු 301ක පරාජයක් ලබා තිබෙනවා. ශ්‍රී ලංකාවට ටෙස්ට් නායකයා මෙන්ම දක්ෂ පිතිකරුවෙක්ද ආබාධ හේතුවෙන් අහිමිවීම මෙම පරාජයට හේතු වුණා. තරඟයේ දිනයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව මෙසේ පරාජය වීම කැපී පෙනෙනවා. ක්‍රිකට් තේරීම් කමිටුව මෙරට පිතිකරුවන් සහ පන්දු යවන්නන් පිලිබද යලි සිතා බැලිය යුතුයි.
තරඟයෙන් පසු මාධ්‍ය වෙත ශ්‍රී ලංකා නායකයා ලෙස මෙම තරඟයේ කටයුතු කළ රංගන හේරත් අදහස් දැක්වූයේ පහත පරිදියි.
https://www.facebook.com/srilankacricket/videos/2268267766537751/
තරඟයෙන් පසු මාධ්‍ය වෙත ශ්‍රී ලංකා නායකයා ලෙස මෙම තරඟයේ කටයුතු කළ රංගන හේරත් අදහස් දැක්වූයේ පහත පරිදියි.
https://www.facebook.com/srilankacricket/videos/2268267766537751/
No comments