Monday, February 16, 2026

බිනුර එළියට යැව්වේ මාලිංගයි සනතුයි එකතු වෙලා


මේ වන විට ලංකාවේ එක් එක් ක්‍රීඩකයන්ට කඩේ යන්න අටවාගෙන තියෙන වෙබ් පිටු හා ෆේස් බුක් පේජ් බලන කොට lankasportsnews කියන්නෙ කිසිම ක්‍රීඩකයකුට පරිපාලකයෙකුට කඩේ යන වෙබ් අඩවියක් නෙවෙයි. ඒ බව දිගින් දිගටම අපිත් එක්ක ඉන්න ලක්ෂ සංඛ්‍යාත ආදරණීය followers ලා පිළිගන්න දෙයක්
.


ඒත් ඕනෑම ක්‍රීඩකයකුට අසාධාරණයක් වෙනවා නම් අපි පැත්තක් නොගෙන ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා.


අද අපි කියන්න යන්නේ අඩි හයකට වඩා උස වමතින් වේග පන්දු යවන බිනුර ප්‍රනාන්දුට සිදුවන අසාධාරණයක් ගැනයි.


ඔහු කාලයක් ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නිත්‍ය පන්දු යවන්නකු ලෙස ක්‍රීඩා කළ අයෙක් උනත් මේ වන විට සංචිතයකවත් පේන්න නැති ක්‍රීඩකයෙක්.


ඒත් ඔහු මේ වෙනකොට විදෙස් ප්‍රිමියර් ලීග වල දස්කම් දක්වමින් ඉන්නවා.


එහෙම තියෙද්දි මේ ක්‍රීඩකයා අපේ විස්සයි විස්ස සංචිතයකවත් නැත්තෙ ඇයි කියල ක්‍රිකට් ලෝලින් අහන්න ගත් නිසා අපි මේකට හේතුව හොයන්න උත්සාහ කළා.


අපි හොයා ගත් කරුණු අනුව වාර්තා වුණේ එය පුද්ගලයන් දෙදෙනෙකුගේ පෞද්ගලික තරහක් මත සිදු වුණු පළි ගැනීමක් බවයි.

ඒ කතාව මෙහෙමයි.


මහා පුහුණුකරු ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන පුහුණුකරු ලෙස ආ ගමන් ඔහු කියන විදියට පන්දු යවන මෙන් සියලුම පන්දු යවන්නන්ට අණ කර තිබෙනවා.


ඒත් බිනුර ප්‍රනාන්දු ඔහුගේ මුහුණටම කියා ඇත්තේ ඔයාගෙ විදියට ඔයා බෝල් කළාට ඒ විදියට අපිට බෝල් කරන්න අමාරුයි කියලයි.


ඔහු අවංකවම කියූ දේ අසා කිපුණු ලසිත් කියා ඇත්තේ "මං ඉන්න කල් උඹව ලංකාවට ආයෙ ගස්සන්නෙ නෑ !" යනුවෙන්.

මාලිංගගෙන් යැපෙන ප්‍රධාන පුහුණුකරු සනතුත් ඒ දෙයම බිනුරට කියා තිබෙනවා. 


ඉන් පස්සෙ බිනුර සංචිතයෙන්ම කැපී ගියා. චාමික කරුණාරත්නටත් වුණේ මේ වගෙම දෙයක්. කට වහගෙන ජෙරොම්ගෙ අනුගාමිකයෙකුත් වෙලා හිටිය නම් චාමික අදත් සංචිතයේ හෝ ඉන්නවා.


මේ ලංකාවෙ ක්‍රිකට් කණ්ඩායමේ වෙන අසාධාරණකම් වලින් එකක් පමණයි. ක්‍රීඩකයන්ගේ පෞද්ගලික කළමනාකරුවන්ගේ මාෆියාව මීට වඩා දරුණුවට ක්‍රියාත්මක වෙනවා. ඒ ගැන ඉදිරියේදී සියලු තොරතුරු හෙළිදරව් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

No comments:

Post a Comment