Thursday, January 8, 2026

පාකිස්තානු "බී" පිල දඹුල්ලේදී සනත්ගේ රෙදි ගලවයි


සනත් ජයසූරිය කියන්නේ දක්ෂ ක්‍රීඩකයකු වුණත් දක්ෂ පුහුණු කරුවකු නොවන බව lankasportsnews පැවසුවේ මීට පෙර ලියන ලද සටහනෙයි. එය තවත් තහවුරු කරමින් ඊයේ ද‍ඹුල්ලේදී පාකිස්තානය සමග පැවති විස්සයි විස්ස තරගය ලංකාව කඩුලු හයකින් පරාජයට පත්වුණා.


පන්දු විස්සකට වඩා,ඉතිරිව තිබියදී ලංකාව එසේ අජූත ලෙස පැරදුනේ නිල නායක ෂහීන් ඇෆ්‍රිඩි හා හිටපු නායක බාබර් අසාම් ඇතුළු දක්ෂ ක්‍රීඩකයන් සිව් දෙනකු නොමැති පාකිස්තානු "ඒ " කණ්ඩායමකටයි.


පසුගිය ලෝක කුසලාන තරගාවලියේ අන්ත පරාජයක් ලැබූ ශ්‍රී ලංකා පිල සමග සිටි තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නැවත වරක් තේරීම් කමිටු සභාපති කළ පතෝල ක්‍රීඩා ඇමතිවරයාත් වැඩ බැරි සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කළ ෂම්මි සිල්වාත් මෙසේ වළපල්ලට යන ලංකාවේ ක්‍රිකට් වලට වග කිව යුතුයි.



ඒ වගේම ක්‍රීඩකයන් විසින් දැන් ජෝකරයෙක් බවට පත් කරගෙන සිටින කණ්ඩායම් කළමනාකරුද එළවා දැමීමට කාලය එළඹ තිබෙනවා. උප සභාපති ජයන්ත ධර්මදාසගේ චක් ගෝලයකු වන හලන්ගොඩ එස්.එස්.සී. ඌෂ්ණය හා ශා.තෝමස් පසුබිම හේතුවෙන් වසර ගණනක් තිස්සේ කූඩැල්ලෙක් මෙන් රැඳී ඉන්නවා.



සනත්ටම හරි යන පුහුණු සහායකයන් පිරිසක්ද කාලයක් මුළුල්ලේ කණ්ඩායමේ රැදී සිටිනවා. ඒ අතර ලංකාවේ අසාර්ථක ම පුහුණු කරු ලෙස සැළකෙන මුබාරක් සනත් කණ්ඩායමේ තබා ගෙන සිටින්නේ කොම්පියුටර් ඇනලයිසර් හැටියටයි. ඒ ඔහු කිසි දිනෙක ප්‍රගුණ නොකළ කටයුත්තක්.


ඉඟුරු දී මිරිස් ගත්තාක් මෙන් පියල් විජේතුංග වෙනුවට දඟ පන්දු සහායක ලෙස සනත් ගෙන ඇත්තේ සචිත් පතිරණවයි.



යූ ටියුබයෙන් හා ෆේස් බුකියෙන් ක්‍රිකට් මැච් දිනන හැටි හා බිත්තර ආප්ප උයන හැටිත් ගිටාර් ගහන හැටිත් උගන්වමින් සිටි ලසිත් මාලිංග වේග පන්දු පුහුණු සහායකයා ලෙස අරන් ඇත්තේ සනත්ගේ උවමනාවටයි.


ඒත් ඊයේ තරගයේ වේග පන්දු යවන්නන් වු නුවන් තුෂාරටත් දුෂ්මන්ත චමීරටත් නැව් ගුටි ලැබුණේ ලසිත් මාලිංගගේ එක්ස්පර්ට් පුහුණුවේ හොඳ කම නිසයි. දඹුල්ල තණතීරුවද දඟ කැවෙන්න කුඹුරුහරණය කරගත්තත් පාකිස්තානු දඟ පන්දු යවන්නන් අපේ අයට වඩා හොඳින් පන්දු යැව්වා. මෙහෙම ගියොත් එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේදීත් පසුගිය වාරයේ රිපීට් එකක් ලැබීම සිකුරුයි.


පෙර ලිපිය

කොහොමත් යවන්න හිටපු සනත් යන බව කලින්ම කියයි


විශේෂ දැන්වීමයි..!



No comments:

Post a Comment