ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙ හයි පර්ෆෝමන්ස් සෙන්ටර් නොහොත් උසස් තාක්ෂණ මධ්‍යස්ථානය කියන්නෙ එහෙම පිටින්ම සුදු අලියෙක්. පඳුරකට පයින් ගැහුවම දුසිම් ගණන් විසි වෙන තරමට ඛෙත්තාරාමයේ මේ කොටසේ පුහුණුකාරයොයි, විෂ්ලේෂකයොයි, කෝචිං එඩිටුකේටර්ලයි, අභ්‍යාසකලයි පිරිලා.
පුහුණු අධ්‍යයන අංශයෙ ඉන්නෙ ඉස්කෝලයක් හෝ ක්ලබ් එකක් පුහුණු කර නැති පුස්සො ටිකක්.මොවුන් කරන ලෙවල් 0,1,2,3 යන කෝචිං පාඨමාලා එකක් වත් අයිසීසිය පිළිගන්නෙ නැහැ.
මේ පාඨමාලා කර සහතික ලබා ගන්නා අයකුට වෙනත් රටක ඊළඟ පාඨමාලාව කරන්න ලංකාවේ සහතිකය පිළි ගැනීමක් නැහැ.
ජාතික කණ්ඩායමේ සහායක පුහුණුකරුවන් අසාර්ථක වී ඉන් ඉවත් කළාම නවතින්නේ අනාථ මඬමක් වගේ තියෙන හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකෙයි.
ඒ වගෙම පුහුණුකාර කමකට පුරප්පාඩුවක් පත්තරයක දැම්මොත් වැඩිපුරම ඇප්ලිකේෂන් එන්නේ ස්ථිර පදිංචියට ඕස්ට්‍රේලියාවට ගොස් සිටින හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙනුයි.
ලසිත් මාලිංග පවා ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියේ පුහුණුකාර කමක් කරන්න වුණත් සැසියකට පොඩි උන් දහයක් වත් පුහුණුවට හොයා ගන්න බැරිවුණු බව ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වෙනවා.
අපේ ජාතික කණ්ඩායම් වල සහායක පුහුණුකාර කමින් ඉවත් කරනවා නම් ඔවුන් සිස්ටම් එකෙන්ම ඉවත් කිරීමක් නොවන අතර මුළු ජීවිත කාලයම පුහුණුකරුවන් ලෙස රස්සා දෙන ලොව එකම ක්‍රිකට් ආයතනය ඇත්තේ ශ්‍රී ලංකාවෙයි.
ලසිත් මාලිංගව ඩොලර් 22,000 ක් ගෙවා සති දෙකකට තබාගත්තේ සනත්ගේ උවමනාවට උනත් ඔහුගෙන් පුද්ගලිකව සනත්ට මිසක් ලංකාවට නම් කිසිදු දෙයක් නොවූ බව කියන්නේ ක්‍රීඩකයන්මයි. ඒත් අපේ රටේ ඇතැම් කඩේ යන මාධ්‍යවේදීන්ට නම් ලසිත් කියන්නේ වැඩකාරයෙක්. බිනුර ප්‍රනාන්දුගෙන් ඇහුවොත් මේ ගැන වඩාත් හොඳින් අහගන්න පුළුවන් වෙයි.


No comments:
Post a Comment