Thursday, January 22, 2026

දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්වූ සයිකල් සවාරියක්


ක්‍රීඩා අමාත්‍යාංශය මගින් මිලියන ගණනක් වැය කොට පසුගියදා පැවැත්වූ දින තුනේ සයිකල් සවාරිය එහෙම පිටින්ම මාලිමාවේ දේශපාලන ව්‍යාපෘතියක් කර ගැනීමට යාම නිසා චොර වී ඇති බව වාර්තා වෙනවා.


මේ සඳහා ලේක් හවුස් හා රූපවාහිනිය මාධ්‍ය අනුග්‍රාහකයන් ලෙස යොදා ගැනීම නිසා අනිකුත් මාධ්‍ය වල කිසිදු ප්‍රචාරයක් නොලැබුණු අතර මේ සඳහා අමාත්‍යාංශයෙන් කෙරුණු වියදම් පිළිබඳ ක්‍රීඩා අමාත්‍යාංශය තුළම විවේචන එල්ල වී තිබෙනවා.


මේ සඳහා පැවති මාධ්‍ය හමුවට නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්නට පවා ආරාධනා කොට නොමැති අතර ඔහු තරගය ආරම්භක අවස්ථාවට පමණක් සහභාගි වීම කැපී පෙනෙනවා.


මෙම ඉසව්ව වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ මීට සම්බන්ධ වූ අයට ටී ෂර්ට් , බොටම් හා සපත්තු ලබා දුන්නද ඒවා බෙදා දීමේ අක්‍රමකතා රැසක් සිදුව ඇතැයි වාර්තා වෙනවා.


සමහරුන්ට ටී ෂර්ටයක් පමණක් ලබා දී ඇතැමුන්ට සම්පූර්ණ ඇඳුම් කට්ටලයම ලබා දී තිබීමත් විශේෂත්වයක්.


සෑම නැවතුම් පොලකටම ඒ ඒ ප්‍රදේශයේ මාලිමා දේශපාලකයන් පමණක් ඔවුන් හයිලයිට් වන සේ ආරාධනා කර තිබීම දැඩි ලෙස විවේචනයට ලක්වූ කරුණක්.


අවසානයේ මිලියන ගණනක් වියදම් කොට පැවැත්වූ මෙම මාලිමා පොලිටීෂන් ඉමේජ් බිල්ඩින් සයිකල් සවාරිය තවත් මුදල් නාස්තියක් මිස ලංකාවේ සයිකල් රේස් ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට කිසිදු දෙයක් සිදු නොවූ ව්‍යාපෘතියක් බව වාර්තා වෙනවා. ගුවන් හමුදා පාපැදි සවාරිය මීට වඩා ප්‍රචාරයක් හා සංවිධානාත්මක සයිකල් සවාරියක් බව බොහෝ දෙනා පවසනවා.

No comments:

Post a Comment