Sunday, January 11, 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ ගන්නත් ප්‍රචාරක වැඩක්


දඹුල්ලේ පැවැති ශ්‍රී ලංකා පාකිස්තානු පළමු එක් දින තරගයේදී ප්‍රධාන ක්‍රීඩකයන් පස් දෙනකුම නොමැති පාකිස්තානු පිලට එරෙහිව ලැබූ කඩුලු 6 ක අන්ත පරාජය බලා සිටීමට නොහැකි වූ ප්‍රේක්ෂකයන් ප්‍රේක්ෂකාගාර වල සිට ක්‍රිකට් කණ්ඩායමටත් ක්‍රිකට් පරිපාලකයන්ටත් බැණ වදින වීඩියෝ කිහිපයක් සමාජ ජාලා වල සංසරණය වනු දකින්න ලැබුණා.


මේ ගැන වැඩි දුරටත් සොයා බැලීමේදී lankasportsnews වෙත වාර්තා වුණේ තරගය අවසානයේදී ප්‍රේක්ෂකයන් පිරිසක් ප්‍රධාන ප්‍රේක්ෂකාගාරයේ පිහිටි ක්‍රීඩක කාමරය අසළට ගොස් ක්‍රීඩකයන්ට හූ කියමින් බැණ වැදී ඇති බවයි.


 එන පොට හොඳ නැති බව දැන ගත් ෂම්මි සෙනග එහා මෙහා වනතුරු හිඳ රාත්‍රියේම කොළඹ බලා පිටත්ව තිබුණා.



වෙනදා දඹුල්ලේ තරගයකදී ප්‍රේක්ෂකාගාර පිරී ඉතිරී ගස් උඩ පවා ප්‍රේක්ෂකයන් දැකිය හැකි වුණත් මේ තරගයේ සිට ඇත්තේ  අඩු ප්‍රේක්ෂක පිරිසක් බව දැක ගත හැකි වුණා.


මේ ප්‍රවණතාව මගින් පෙනෙන්නේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් මේ වන විට මෙරට ජනප්‍රියම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාවෙන් දුරස් වීමට පටන් ගෙන ඇති බවයි.


මේ අතර ඊයේ දඹුල්ලේ පවත්වන්නට නියමිත වූ දෙවෙනි තරගය වර්ෂාව නිසා අත හැර දමන්න සිද්ධ වුණා.


මෙම තරගය නරඹන්න පැමිණ සිටියේ ඉතා සුළු පිරිසක් වූ අතර ඔවුන්ගෙන් වැඩිදෙනෙක් තරගය අත් හිටුවූ බව දැනුම් දුන් වහාම ආපසු ගෙවල් බලා ගියේ  "වැස්ස එකත් හොඳයි. නැත්තන් සීරීස් එක 3-0 කින් පරදින එක වළක්වන්න බැහැ " කියමින්.


වාර්තා වූ තවත් දෙයක් වූයේ පළමු තරගයට පෙර පාකිස්තානු ක්‍රීඩකයන්ට දඹුල්ලේදී පුහුණු සැසියක් පවත්වා ගැනීමට හෝ නොහැකි වූ බවයි.


පාකිස්තානු තරගාවලියේ ආදායම රජයේ ආපදා අරමුදලට පරිත්‍යාග කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා. ඒ අතර දඹුල්ලේ පැවැත්වෙන තරග අතර තුර එම වැඩපිළිවෙල ප්‍රවර්ධනයට ප්‍රේක්ෂකයන්ද සහභාගි කර ගනිමින් ඔවුන් අතර ටී ෂර්ට් බෙදා දීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අලෙවි අංශය කටයුතු කර ඇති අයුරු.




No comments:

Post a Comment