ජයග්‍රාහී සිම්බාබ්වේ හා පාකිස්තානු සංචාර වලින් පසු ගං වතුර සහනාධාර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පෙබරවාරියේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ජය ගැනීම සඳහා සූදානම් වීම මේ සිකුරාදා සුබ මොහොතින් ආරම්භ කරන බව lankasportsnews වෙත වාර්තා වෙනවා.
පසුගිය දින කිහිපයේ තම මාධ්‍ය සගයන් දෙදෙනා සමග ඔවුන්ගේ යූ ටියුබයන් ප්‍රවර්ධනය වෙනුවෙන් ඉමහත් කැප කිරීමක් කළ ජයසූරිය ඒ සඳහා ගං වතුර ආධාර ලබා දෙන ලෙස ජාතික පිලේ ක්‍රීඩකයන් සියලු දෙනාටම බල කර සිටි අතර එයට ප්‍රතිචාර දක්වා ඇත්තේ කිහිප දෙනකු බව කියවෙනවා.
අනෙක් ක්‍රීඩකයන් මෙම ව්‍යාපෘතියට නොදී වෙනත් ස්ථාන වලට තම පෞද්ගලික මුදලින් ලක්ෂ ගණනක ආධාර ලබා දී ඇත්තේ තම පුහුණුකරුගේ ඉල්ලීමට පිටුපාමින්.
මේ අතර විස්සයි විස්ස ලෝක ශූරතාවට සූදානමක් ලෙස මේ සිකුරාදා සියලුම ප්‍රමුඛ පෙළ ක්‍රිකට් සමාජ වල පුහුණුකරුවන් කෙත්තාරාමයේ අඩි තාක්ෂණ අංශයේදී ඇමතීමට සනත් ජයසූරිය පියවර ගෙන තිබෙනවා.
මේ පිළිබඳ අපට අදහස් දැක්වූ එක් පුහුණුකරුවකු පැවසුවේ සෙනසුරාදා ආරම්භ කෙරෙන අන්තර් සමාජ තුන්දින තරගාවලියේදී පිතිකරුවන් පන්දුවට පහර දිය යුතු ආකාරය ගැන උපදෙස් දීමක් සිදු කෙරෙනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.
එළඹෙන විස්සයි විස්ස තරග වලට පුහුණුවක් ලෙස තුන්දින තරග වලදීද ඒ ආකාරයටම පන්දුවට පහර දිය යුතු ආකාරය ගැන මෙහිදී පවර් හිටින් පිතිකරණ පුහුණුකරු ලවා විශේෂ උපදේශන සැසියක්ද සනත් ජයසූරිය විසින් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ. තම සිම්බාබ්වේ හා පාකිස්තානු සංචාර වල ජය ලැබූ ආකාරය පිළිබඳවද මෙහිදී සනත් ජයසූරිය විසින් ක්‍රීඩා සමාජ පුහුණුකරුවන් දැනුවත් කරනු ඇතැයි වාර්තා වෙනවා.
පෙර සබැඳි ලිපි
කැපී යාම වළක්වන්න වැඩ බැරි ටාසන් සනත්ගේ ජිල් මාට්

No comments:
Post a Comment