ලංකාවේ පිනට පහල වී ඇති පතෝල ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ රටේ ලෝකයේ පිළිගැනෙන ක්‍රීඩා වලට අවධානය නොදී කවුරුත් නොදන්නා ක්‍රීඩා ප්‍රමෝට් කරන්න වෙහෙසෙන බව පෙනෙන්න තිබෙනවා.
ලෝක කුසලාන ගෘහස්ථ ක්‍රිකට් තරගාවලියක් රටේ පැවැත්වෙන බවක් හෝ නොදන්නා ක්‍රීඩා ඇමතිවරයා ක්‍රිකට්, පාපන්දු රග්බි , නෙට්බෝල් වැනි ජනප්‍රිය ක්‍රීඩා වල ප්‍රශ්න විසඳීමට හෝ දූෂිතයන්ට එරෙහිව කටයුතු කිරීමට කිසිදු පියවරක් නොගෙන මෝඩ චූන් ගැනීම ක්‍රීඩා ක්ෂේත්‍රය තුල ඔහු ජෝකර් කෙනෙකු බවට පත් කර තිබෙනවා.
මොහු නිසා ක්‍රීඩාව පැත්තෙන් පුනරුද රජය දිනෙන් දින අප්‍රසාදයට පත් වෙන බව ක්‍රීඩක ක්‍රීඩිකාවන් පවසනවා.
මේ ක්‍රීඩා ඇමතිවරයා පත්වූ ගමන් ක්‍රීඩා සංගම් හා ක්‍රීඩකයන්ට තම ගැටළු ඉදිරිපත් කිරීමට සිටි ඔම්බුඩ්ස්මන් හෙවත් දුක්ගන්නාරාළ තනතුරම ඉවත් කළා.
කිසිම ක්‍රීඩකයකුට හෝ සංගමයකට ක්‍රීඩා ඇමතිවරයා හමුවෙන්න බැහැ. හමුවුණත් හමු වෙන්න පුළුවන් ක්‍රීඩා ගැන මෙළෝ හසරක් නොදන්නා තම පුද්ගලික ලේකම්වරයාවයි.
මේ හේතුවෙන් තම ගැටලු කිසිවකට විසඳුම් ලබා ගැනීමට නොහැකි බව ඔවුන් චෝදනා කරනවා.
පිටරට තියෙන ඕනෙම කසි කබල් තරගාවලියකට යන කණ්ඩායම් හා නිලධාරින්ට අමාත්‍යාංශයෙන් ගුවන් ප්‍රවේශ පත්‍ර දීම පමණක් මොහු ජයටම සිදු කරනවා.
බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පහුගිය කාලෙ දීපු ගුවන් ප්‍රවේශ පත්‍ර හොඳම නිසදුනක්.
ඉන්දුනීසියාවට ගිය ක්‍රීඩකයන් තිස් ගණනක් ආපහු ආවෙ දෙවෙනි වටයටවත් තේරෙන්න කිසිවකුට නොහැකි වෙලයි.
බැඩ්මින්ටන් සංගමයෙ සභාපතිවරයා මේ පතෝල ඇමතිවරයා අන්දන්න හොඳටම සමත් වෙලා.
ක්‍රිකට් ෂම්මි හා සුජීව මොහුව හොඳටම අන්දලා තියෙන අතර පාපන්දුවෙ ජස්වරුත් මොහුව හොඳටම අන්දලා ඉවරයි.
නොදන්නා දේත් දන්නවා වගේ පෙන්නන මේ ඇමතිවරයා යාපනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදනවා කියා ෂම්මි එක්ක රටේ ජනාධිපතිවත් අන්දලා තියෙනවා. මුල් ගල තියල මාසයක් ගත වෙලත් ඉන්පස්සෙ පස් පිඩැල්ලක්වත් කපන්න බැරි වෙලා තියෙන බවත් මොහු දන්නෙ නැහැ.
පෙර සබැඳි ලිපි
ෂම්මිලා රකින්න ක්‍රීඩා ඇමතිගෙන් නව සංශෝධනයක්
රොෂාන් මහානාම ඉල්ලා අස්වූයේ ඇයි? ක්‍රීඩා ඇමති නිහඬයි?
No comments:
Post a Comment