Tuesday, October 21, 2025

ක්‍රිකට් හොරු අලුත් විමර්ෂණ ඒකකයට හොඳටම බය වෙලා


මාලිමා ආණ්ඩුව හොරු අල්ලන ගමනේ වැදගත් පියවරක් තබමින් අපරාධ වලින් සොයා ගෙන සඟවා සිටින වත්කම් රාජසන්තක කරන අලුත් මෙහෙයුමක් ආරම්භ කළා.


අල්ලස් කොමිසම මගින් මෙම අලුත් ඒකකයට යොමු කරන පැමිණිල්ලකින් පවා වත්කම් සඟවා සිටින්නන් අධිකරණයට යොමු කොට ඔවුන්ගේ වත්කම් රජයට පවරා ගැනීමට හැකි මේ නව ක්‍රියාදාමය නිසා ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ බලධාරීන් රැසක් භීතියට පත්ව ඇතැයි lankasportsnews වෙත වාර්තා වෙනවා..


ඔවුන් පතෝල ක්‍රීඩා ඇමතිවරයාත් වසන්ත හා හඳුනෙත්ති ඇමතිවරුන් දෙදෙනාත් තම සාක්කුවට දාගත්තද මෙම නව ක්‍රියාදාමය  හමුවේ ඔවුන් නීතිය හමුවට අනිවාර්යයෙන් යාමට සිදු වනු ඇතැයි පොලිස් විමර්ෂණ ඒකකයේ නිලධාරියෙක් lankasportsnews වෙත පැවසුවා.


මේ වන විට පාර්ශ්ව කිහිපයක්ම මොවුන්ගේ සඟවා ඇති දේපල  පිළිබඳව අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබෙන අතර දැනටමත් අල්ලස් කොමිසමේ නිලධාරීන් ඒ ගැන පරීක්ෂණ අරඹා ඇති බව වාර්තා වෙනවා.

සබැඳි පෙර ලිපිය

ක්‍රිකට් හොරුන් ගැන අල්ලස් කොමසාරිස් නිහඬ ඇයි?




No comments:

Post a Comment