Sunday, December 23, 2018

ලහිරු කුමාරට දඩුවම් කළ පුදුම හේතුව - Video


නවසීලන්ත කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පන්දු යැවීමේ නිරතව සිටියදී පිතිකරුට නොහොබිනා ලෙස බැන වැදුනු බව පවසමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යැවීමේ ක්‍රීඩක ලහිරු කුමාරට දඩ පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කළා. එහෙත් තරගය පුරා ඔහුගේ හැසීරීමේ කැපීපෙනෙන වරදක් කිසිවෙක් දැක්කේ නැහැ. මේ අනුව ඔහු සිදුකළ වරද කළ පන්දුවාරය හා සිදුවීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ වන විට හෙලිකර තිබෙනවා. ලහිරු කුමාර තම පන්දුවක් හමුවේ හතරේ පහරක් එල්ලකළ විට ඊට දැක්වූ ප්‍රතිචාරය මෙලෙස ආන්දෝලනයට ලක්ව තිබෙනවා. එම පන්දුව හා ප්‍රතිචාරය මෙලෙස සටහන්ව තිබෙනවා. මෙවැනි ප්‍රකාශ බෙහෝ ක්‍රීඩකයින් සිදු කිරීම සාමාන්‍ය තත්වයක්. එහෙත් ශ්‍රී ලංකාව ඉලක්ක කර මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කිරීම බෙහෝ දෙනෙකුගේ විමතියට හේතුවී තිබෙනවා. මෙම සිදුවීමේදී ලහිරු කුමාරගේ තරග ගාස්තුවෙන් සියයට 15 ක් කපා දැමීමට කටයුතු කළා.

No comments:

Post a Comment