Tuesday, December 18, 2018

පාවාදීමට එරෙහිවූ ප්‍රමෝද්‍යත් ක්‍රිකට් නිලවරණ සටනේ



හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සදහා නාමයෝජනා ඉදිරිපත්කර තිබෙනවා. ඒ සභාපති අපේක්ෂක කේ මතිවානන් මහතාගේ පාර්ශ්වය නියෝජනය කරමින්. මුදලට තරග පාවාදීම් මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින් හා පරිපාලකයින් සිදුකරන බවට හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාගේ පාලන කාලයේ පළමු වරට හඩ නැගුවේ ඔහුයි. ඉන් පසුව අල්ජසීරා නාලිකාව වාර්තා වැඩසටහන් දෙකක් ඉදිරිපත් කරමින් ක්‍රිකට් පිටියේ තණතීරුව සැකසීමේ සිට මුදලට තරග පාවාදීම් සිදුවන බව සාක්ෂි සහිතව අනාවරණ කළා. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මුදලට තරග පාවාදීම් වැලැක්වීමේ ඒකකය චෝදනා ගොනුකරනු ලැබුවේද ප්‍රමෝද්‍යගේ අනාවරණයන්ගෙන් පසුවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පෙබරවාරි 07 වැනිදා පැවැත්වීමට දින නියමකර තිබෙනවා. ඊට නාමයෝජනා භාර ගැනීම ඊයේ ( 17 ) සවස 04 ට අවසන් වුණා. නිලවරණයේ උප සභාපති අපේක්ෂකයින් ලෙස අමාත්‍ය අර්ජුන රණතුංග හා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඉදිරිපත්ව සිටිනවා. කේ මතිවානන් මහතාගේ පාර්ශ්වයේ ප්‍රධාන සටන්පාඨය වී ඇත්තේ දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් යන්නයි. මුදලට තරග පාවාදීම් වැලැක්වීම සදහා පෙරමුණ ගත් පිරිසක් එම පාර්ශ්වය නියෝජනය කිරීම කැපී පෙනෙනවා. අනෙක් පාර්ශ්වය වී ඇත්තේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාගේ පාර් ශ්වය නියෝජනය කරමින් සභාපති සටනට පැමිණ ඇති මොහාන් ද සිල්වා හා ශම්මි සිල්වායි. ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජයන්ත ධර්මදාස මහතා ඉදිරිපත්ව සිටිනවා. හිටපු සභාපතිවරයාගේ කාලයේ ක්‍රිකට් කණ්ඩායම දක්ෂතා අතින් පිටුපසට වැටුනා සේම ලොව දූෂිතම රට බවට ශ්‍රී ලංකා ක්‍රිකට් පත්වූ බව රහසක් නොවේ.
බංග්ලාදේශය අතහැර මෙරට ක්‍රිකට් ජයග්‍රහී මාවතට ගෙන ඒම සදහා ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා පත්කිරීමේ පුරෝගාමියා වන්නේද කේ මතිවානන් මහතායි. එමෙන්ම මතිවානන් මහතා කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු ලෙස කටයුතු කළද කිසිම චෝදනාවක් මෙතෙක් නැති තැනැත්තෙක්. ක්‍රිකට් නිලවරණය සදහා ඉදිරිපත්වී ඇති අපේක්ෂක ලැයිස්තුව පහත දක්වා තිබෙනවා.
List of nominations received for the posts of Office Bearers to contest the upcoming SLC Elections
The Post of President

Mohan De Silva

De Silva Mahadurage Mohan Anthony Chulananda
Jayantha Dharmadasa


Dharmadasa Hewa Komanage Jayantha
K Mathivanan


Mathivanan Kangadaran
Shammi Silva


Silva Atulugamage Shammi Shiraj

Post of Vice President
De Silva Mahadurage Mohan Anthony Chulananda
Mathivanan Kangadaran
Ranatunga Arjuna
Silva Atulugamage Shammi Shiraj
Wickramaratne Raveen Udayapriya
Wickramasighe Pramodya

Post of Secretary
De Silva Mahadurage Mohan Anthony Chulananda
Dissanayake Bandula Thilak
Ranatunga Nishantha
Silva Atulugamage Shammi Shiraj

Post of Assistant Secretary
Dissnayake Bandula Thilak
Kapuwatta Chrishantha Theadore
Perera Kaluarachchige Gerard Hirantha
Wickramaratne Raveen Udayapriya

Post of Treasurer
Narangoda Eastman
Silva Atulugamage Shammi Shiraj
Wickramaratne Raveen Udayapriyantha
Wickramasinghe Nalin
Wickramasinghe Liyanage Lasantha Sadananda

Post of Assistant Treasurer
Rambukwella Lalith Mahinda Bandara Dissanayake
Senarath Sanjaya Sedara
Weerasinghe Haputhanthrige Gihan Srilal
Wickramasinghe Nalin





No comments:

Post a Comment