Friday, December 14, 2018

ජනාධිපති අණින් මාලිංගට නායකත්වය


ශ්‍රී ලංකා එක්දින හා පන්දුවාර 20 යි 20 නායකත්වය යලි ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද තීරණය කළා. ඒ උප නායකත්වය නිරෝෂන් දික්වැල්ලට ලබාදෙමිනුයි. මෙම පත්කිරීම් එළබෙන නවසීලන්ත තරගාවලිය සදහා බව නිවේදනය කර තිබෙනවා. දෙරට අතර පළමු එක්දින තරගය ලබන මස 03 වැනිදා පැවැත්වීමට නියමිතයි. එක්දින තරග 03 ක් හා පන්දුවාර විස්සයි විස්ස එක් තරගයක් තරගාවලියට ඇතුලත්.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයකු නොමැති අවස්ථාවක ලසිත් මාලිංග නායකත්වයට පත්වීම කැපීපෙනෙනවා. හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සමග ඇතිකරගත් වචන හුවමාරුව හේතුවෙන් මාලිංගට කණ්ඩායමේ ස්ථානය පවා නැතිවුණා. වසරක කාලයක් ඔහු එවක ක්‍රීඩා අමාත්‍යවරයා සමග ඇතිකරගත් මත ගැටුමේ ප්‍රතිළුල රටම බුක්තිවින්දා. මෙවර මාලිංගට නායකත්වය ලබාදීමට අනුමැතිය ලබාදී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. ඒ ක්‍රීඩා අමාත්‍යවරයකු නොවීම හේතුවෙන්. ජනාධිපතිවරයකු ක්‍රිකට් සංචිතයක් නම් කළ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වනවා.
නිමාවූ එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේ නිත්‍ය ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්. මෙවර ඔහු කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස පමණක් නම්කර තිබීම කැපීපෙනෙනවා. එමෙන්ම පන්දුවාර 20 යි 20 කණ්ඩායමේ හිටපු නායක තිසර පෙරේරාට මෙවර හිමිව ඇත්තේ ස්ථානය පමණයි. එමෙන්ම හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ද කණ්ඩායමට එක්ව සිටිනවා. සෙසු ක්‍රීඩකයින් ඇතුලත් පූර්ණ සංචිතය පහත දක්වා තිබෙනවා.

1 )  Lasith Malinga – Captain
2.)    Niroshan Dickwella – Vice Captain
3.)    Angelo Mathews
4.)    Danushka Gunathilaka
5.)    Kusal Janith Perera
6.)    Dinesh Chandimal
7.)    Asela Gunaratne
8.)    Kusal Mendis
9.)    Dhananjaya De Silva
10.)   Thisara Perera
11.)   Dasun Shanaka
12.)   Lakshan Sandakan
13.)   Seekkuge Prasanna
14.)   Dushmantha Chameera
15.)   Kasun Rajitha
16.)   Nuwan Pradeep
17.)   Lahiru Kumara
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අසන්ත ද මෙල්ගේ ප්‍රධානත්වයෙන් නම්කළ ක්‍රිකට් තේරීම් කමිටුව නම්කළ පළමු එක්දින සංචිතය මෙයයි. ඔවුන් මෙම සංචිතය නම්කර ඇත්තේ ලබන වසරේ පැවැත්වීමට නියමිත ක්‍රිකට් ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින්. 2014 වසරේ පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට කණ්ඩායම මෙහෙයවූ ලසිත් මාලිංග 2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය මෙරටට ගෙන ඒමේ නියමුවා කිරීම කැපී පෙනෙනවා. මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ වේග පන්දු යවන්නන්ට වැඩි සහයක් ලබාදෙන තණතීරුවල වීම කැපීපෙනෙනවා. එම තත්වය මත මාලිංග නායකත්වයට පත්කිරීම විශේෂත්වයක්.

No comments:

Post a Comment