Saturday, December 1, 2018

නැගී එන ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වය අසලංකට


ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය ලබාදෙන එලබෙන ආසියා කුසලාන නැගී එන ක්‍රිකට් තරගාවලිය ලබන 07 වැනිදා ආරම්භවීමට නියමිතයි. තරගාවලියට සත්කාරකත්වය ලබාදෙන අනෙක් රට පාකිස්ථානයයි. කණ්ඩායම් 08 ක් තරගවදින තරගාවලියේ ඒ ඛාන්ඩය යටතේයි ශ්‍රී ලංකාව තරග වදින්නේ. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ චරිත් අසලංකයි. උප නායකත්වය ශම්මු අශාන්ට හිමිව තිබෙනවා. කමිදු මෙන්ඩිස් / අවිශ්ක ප්‍රනාන්දු / හසිත බෝයගොඩ / සදුන් වීරක්කොඩි / අසේල ගුණරත්න / නිෂාන් මධුෂ්ක / ජෙෆ්රි වැන්ඩසි / ලසිත් ඇඹුල්දෙනිය / නිෂාන් පීරිස් / ශෙහාන් මධුෂංක / අසිත් ප්‍රනාන්දු / ජෙහාන් ඩැනියෙල් හා චාමික කරුණාරත්න සෙසු ක්‍රීඩකයින් ලෙස නම්කර තිබෙනවා.
තරගාවලියේ අවසන් පූර්ව තරග හා අවසන් මහා තරගය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග කාල සටහන පහත දක්වා තිබෙනවා.
Group ‘A’ Itinerary

DATE
MATCH
VENUE
07th December, 2018
Sri Lanka vs Oman
India vs Afghanistan
RPICS
CCC
08th December, 2018
Sri Lanka vs Afghanistan
India vs Oman
CCC
RPICS
10th December, 2018
Sri Lanka vs India
Afghanistan vs Oman
RPICS
CCC
13th December, 2018
Semi Finals ( B1 v A2 & B2 v A1)

RPICS & CCC
15th December, 2018
Finals
RPICS


No comments:

Post a Comment