ලෙවල් 3 පුහුණු පාඨමාලාවට මුදලට හා පන්දමට නුසුදුස්සන් තෝරලා
ලංකාවෙ ක්‍රිකට් වළපල්ලට යන එකට හොඳම උදාහරණයක් ක්‍රිකට් ආයතනයෙ ක්‍රිකට් පුහුණු අංශය ලබා දෙනවා.
මේ පුහුණු අධ්‍යයන ඒකකයේ ප්‍රධානියා වන්නේ එක් පාසලක් පුහුණුකර ඇති ක්ලබ් එකක් හෝ පුහුණු කර නැති හේෂාන් ද මෙල් නම් අයෙක්.
මෙහි උපදේශකයන් ලෙස බඳවා ගන්නෙත් වැඩිය ක්‍රිකට් ගහල නැති බාග කෝච්ලා.
ලංකාවේ පුහුණුකරුවන් සඳහා ලෙවල් 0,1,2,3 පුහුණු පාඨමාලා කරන්නෙත් මේ අංශයෙන්.
මේ ඊයෙ පෙරේදා ලෙවල් 3 පුහුණු පාඨමාලාව සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ මොවුන් ඒ සඳහා 20 දෙනෙක් තෝරගෙන තියෙනවා.
ඒ අයැදුම් කළ සියයකට ආසන්න ලෙවල් 2 පුහුණුකරුවන් අතරින්.
මේ සඳහා දැනට සක්‍රීය ලෙස ප්‍රමුඛ පෙළ ක්‍රීඩා සමාජ පුහුණුවේ යෙදෙන පුහුණුකරුවන් දිස්ත්‍රික් පුහුණුකරුවන් රැසක් අයැදුම් කර සිටියත් සමහරුන්ට සම්මුඛ පරීක්ෂණයටවත් එන්න නොකියූ මේ පුහුණු අධ්‍යයන අංශය අවසානයේ තෝරා ගෙන තියෙන්නේ ක්‍රිකට් උප සභාපති රවින්ගේ ගෝල බාලයන් හා අත යටින් අල්ලස් ලබා දුන් පුහුණුකරුවන් බව lankasportsnews වෙත වාර්තා වෙනවා.
ඒ අතර දන්නා කාලයකින් පුහුණුකිරීම් නොකළ ක්‍රිකට් විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරු මෙන්ම වත්මන් ජාතික තේරීම් කමිටු සාමාජිකයකු වන තරංග පරණවිතානත් ඉන්න බව වාර්තා වෙනවා.
මේ අනුව සුදුසුකම් ඇතිව කැපී ගිය පුහුණුකරුවන් රැසක් නුදුරේදීම මානව හිමිකම් කඩ කිරීම පිළිබඳ පැමිණිලි කිරීමටත් කටයුතු කරන බව lankasportsnews වෙත පැවසුවා.
මේ පිළිබඳව ක්‍රීඩා ඇමති වරයාට පැමිණිලි නොකරන්නේදැයි විමසූ විට ඔවුන් පැවසුවේ ක්‍රිකට් බලධාරීන්ගේ සාක්කුවේ සිටින පතෝල ඇමතියකුට පැමිණිලි කිරීමෙන් වැඩක් නොමැති බවයි.
මේ ගැන පරීක්ෂණයක් කරන මෙන් අල්ලස් කොමිසමටද පැමිණිලි කිරීමට තමන් බලාපොරොත්තු වන බව ඔවුන් පැවසුවා.
ක්‍රිකට් පුහුණු අංශයේ වැඩ මෙසේ නම් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් හැදෙන්නේ කෙසේදැයි එක් පුහුණුකරුවකු පවසා සිටියා.
ලංකාවේ අනිකුත් මාධ්‍ය ක්‍රිකට් ක්‍රීඩා පරිපාලනයේ අකටයුතුකම් දූෂණ පිළිබඳව කට හා පශ්චාත් භාගය වසාගෙන සිටිද්දී lankasportsnews මෙසේ රටේ ක්‍රීඩාව වෙනුවෙන් ක්‍රීඩාවේ තිරය පිටුපස තොරතුරු ජනතාව දැනුවත් කිරීමේ මෙහෙවර නොකඩවා ඉදිරියට ගෙන යන බව කියන්න සතුටුයි.
No comments