Friday, May 23, 2025

ක්‍රීඩා ඇමති ඇති යන්තම් හොඳ වැඩක් කරලා - ඒත් රග්බි පත්වීම් අනාගෙන


මාලිමා රජයේ ක්‍රීඩා ඇමති පතෝල කරලක් බව කලක් තිස්සේ lankasportsnews පෙන්වා දෙන කරුණක්. ඒ නිසාමදෝ සුනිල් කුමාර ගමගේ ක්‍රීඩා ඇමතිවරයා නින්දෙන් නැගිට හොඳ ක්‍රියා මාර්ග දෙකක් අරන් තියෙනවා. 


එකක් lankasportsnews හැමදාමත් මතක් කර දුන් මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියවෙන ක්‍රීඩා පනත සංශෝධනය කිරීම.


ඒ අනුව මාස හයක් ගත වන විට ක්‍රීඩා පනතේ සංශෝධනයක් ඊයෙ පෙරේදා කර තිබෙනවා. 


ඒ අනුව හරින් ප්‍රනාන්දු හිටපු ක්‍රීඩා ඇමතිවරයා ෂම්මි සිල්වා ඇතුළු නඩයට  ජීවිත කාලයම බලයේ සිටිය හැකි අයුරින් පනවා තිබුණු වගන්ති ඉවත් කර තිබීම පතෝල ඇමතිවරයාව ප්‍රශංසාවට ලක් කළ යුතු කරුණක්.


ඒ අනුව ඉදිරියේ වත්මන් ක්‍රිකට් බලධාරින් නඩයට වෙන අතක් බලා ගැනීමට සිදුවන බවක් පෙනෙන්න තියෙනවා. 


ඒත් නව ව්‍යවස්ථාව අනුව සියලු 2025 නිලවරණ පැවැත්විය යුතු බවට පනවා ඇති නියෝගය අනුව   කලින් පැවැත්වූ ක්‍රිකට් නිලවරණයත් නව ව්‍යවස්ථාව අනුව යළි පැවැත්විය යුතු බවට තීරණය කරන්න ඇමතිවරයාට සිදුවෙනවා. 


එසේ නොවුනොත් සෙසු සංගම් වලට ක්‍රීඩා ඇමතිගේ තීරණයට එරෙහිව උසාවි යාමට එය  හේතුවක් වනවා.


ඒ නිසා ක්‍රීඩා ඇමතිවරයාට අනිවාර්යයෙන් දැඩි තීරණයක් ගන්න සිද්ධ වෙනවා. 


ඊළඟට දූෂිත පරිපාලනයක් පැවැති රග්බි සංගමය විසුරුවා හැර නිලවරණය පවත්වන තෙක් කාර්‍ය සාධක මණ්ඩලයක් පත් කිරීමත් ක්‍රීඩා ඇමතිවරයා ගත් තවත් හොඳ තීරණයක්.


ඒත් ඔහු ඊට පත් කළ නිලධාරීන්ගෙන් දෙදෙනකු ගැන ගැටළුවක් තියෙනවා. 


ඒ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ප්‍රියන්ත ඒකනායක හා එහි සාමාජික රොහාන් අබේකෝන්ගේ පත් කිරීම්.


ඔවුන් දෙදෙනා ජාතික ක්‍රීඩා සභාවේ සිටින්නේ ස්වාධීන අය ලෙසයි. ඔවුන්ට ක්‍රීඩා සංගම් වල නිලතල දරන්නට බැහැ.


ඒ අනුව ඔවුන්ගේ පත් කිරීම් නීති විරෝධීයි. 


රග්බි වල අදෘශ්‍යමාන හස්තය වන මලික් සමරවික්‍රමගේ අවශ්‍යතාව සපුරාලීමට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ලෙස පත් කරනු ලැබූ ප්‍රියන්ත ඒකනායක රග්බි කාර්‍ය සාධක මණ්ඩලයේ සාමාජිකයකු ලෙස පත් කිරීම ගැන ඇත්තටම පතෝල ඇමතිවරයා ලජ්ජා විය යුතුයි.


මෙවැනි කමිටුවකට පත් කරන්න සුදුස්සන් ඕනෑ තරම් සිටියදී කරන ලද මේ පත්වීම් වලින් සිහිපත් කෙරෙන්නේ රොෂාන් රණසිංහ හිටපු ක්‍රීඩා අමතිවරයාද අනවශ්‍ය නම් සහිතව පත් කළ තකතීරු ක්‍රිකට් අතුරු කමිටුවයි.


සබැඳි පෙර ලිපි

පිට්ටනිය ගැන දුන් බොරු ටෝක් වලට යාපනෙන් පාඩමක්


ක්‍රීඩාවට මෙලෝ රහක් නැති ක්‍රීඩා ඇමතිගෙ ව්නෝද සාගරේ


No comments:

Post a Comment